දිනක වැඩිම රෝගීන් වාර්තාව අදත් බිද හෙළයි

by admindasun
0 comment 48 views

එක් දිනකදී ශ්‍රී ලංකාව තුළ වාර්තා වුණු වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව අද දිනයේ වාර්තා වුණු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ඒ අනුව අද දිනයේදී මෙරටින් කොවිඩ් රෝගීන් 1636ක් වාර්තා වී ඇත.

මීට පෙර එක් දිනකදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු වැඩිම රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වුණු අතර එම සංඛ්‍යාව 1566කි.

අද දිනයේදීද ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම කොවිඩ් රෝගීන් වාර්තා වී ඇති අතර සිදු කරනු ලබන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව මෙන්ම අහඹු ලෙස සිදු කෙරෙන පරීක්ෂණද මේ වන ඉහළ දමා ඇති බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment