කොවිඩ් වසංගතය මේ මට්ටමට පැතිරීම සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.
පළමු සහ දෙවන කොවිඩ් රැළිවලදී එය වැළැක්වීමට ගත් ක්‍රියා මාර්ග ඒ අයුරින් පවත්වාගෙන යාමට නොහැකි වීමට ආණ්ඩුව වග කිව යුතු අතර නිවැරදි තොරතුරු ජනතාවගෙන් වසන් කරන බවද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා එම මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේය.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරයා අද දින මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් බැලීමට පහත වීඩියෝව ක්ලික් කරන්න.
