විදේශිකයින් නිරෝධායනය කිරීම සදහා මෙරටට ගෙන්වා ගැනීම මගින් නව වෛරස් ප්‍රභේද රට තුළට ඇතුළු වීමට හැකියාව පවතින බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් අද දින රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමග පැවැති සාකච්ඡාවේදීද අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසයි.
තවද කොවිඩ් – 19 වසංගත තත්ත්වය පාලනය පිළිබද තීන්දු තීරණ ගැනීමේදී සෞඛ්‍ය විශේෂඥ මතය සදහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසත් තම සංගමය අද උදෑසන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග පැවැති සාකච්ඡාවේදී ඉල්ලා සිටි බව වෛද්‍ය ප්‍රනාන්දු කියා සිටියේය.
තවද පහත සදහන් කරුනු කෙරෙහි ඉක්මන් අවධානය යොමු කරන ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටි බවත් ඔහු කියා සිටියේය.
01. කොවිඩ් 19 පරික්ෂණ ධාරිතාව ඉහල නැංවිම හා අහඹු නියැදි පරික්ෂණ කිරිමේ ක්‍රියාවලිය ඒකාකාරිව පවත්වාගෙන යාම තුලින් රෝගීන් ආවේශණ ක්‍රියාවලිය ශක්තිමත් කිරිම සහ එමගින් රෝගින්, රෝගී පොකුරු සහ ස්පර්ශකයන් හමුවන ආකාරය අනුව ප්‍රාදේශීය සංචරණ සීමා ප්‍රමාදයකින් තොරව පැණවීම.
02. ප්‍රාදේශීය සංචරණ සීමා පැනවීමේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සමග සන්නිවේදනය කරන කාර්යක්ෂම යාන්ත්‍රණයක් ඇති කිරීම මගින් රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම.
03. රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරන මාර්ගෝපදේශණය දැනට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යාවත්කාලින කිරීම. එහිදී රෝග ලක්ෂණ රහිත අනෙකුත් සංකූලතා නොමැති රෝගින්, රෝග ලක්ෂණ රහිත අනෙකුත් සංකූලතා සහිත රෝගින් සහ රෝග ලක්ෂණ සහිත රෝගින් යන කාණ්ඩ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරන ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කිරිම තුලින් ඉක්මවා යමින් පවතින සෞඛ්‍ය ධාරිතාව ආරක්ෂා කර ගැනිම.
04. සුවය ලැබු රෝගින්, රෝහලෙන් පිටත් කිරීම සඳහා ඇති මාර්ගා්පදේශණ :ෘසිජය්රටැ ක්‍රසඑැරස්* යාවත්කාලීන කිරිම.
05. ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඇදන් ප්‍රමාණය, දැඩි සත්කාර ඒකක වල ඇදන් ප්‍රමාණය වැඩි කර ගැනිම සඳහා කෙටි කාලීන හා දීර්ඝ කාලීන පිලියම් හඳුනා ගැනිම.
06. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය පෞද්ගලික ආරක්ෂණ උපකරණ සහ ප්‍රමාණවත් ඔක්සිජන් ගබඩා තහවුරු කිරිම සහ කාර්යක්ෂම බෙදා හැරීමේ යාන්ත්‍රණයක් තහවුරු කිරිම.
07. දැනට වෛද්‍ය හිගයක් පවතින රෝහල් සඳහා ඉක්මනින් පත්වීම් බලාපොරොත්තුවෙන් සිටින වෛද්‍යවරුන් සඳහා පත්වීම් ලබා දීම.
08. කොවිඩ් වසංගතය පාලනය සඳහා මහජනතාවගේ සහයෝගය ලබා ගැනීමට පවතින අවදානම ජනතාවට නිවැරදිව සන්නිවේදනය කිරිම.
09. කොවිඩ් වසංගතය පාලනය සඳහා පනවා ඇති නිරෝධායන නිීතින් ඒ අයුරින් ක්‍රියාත්මක කිරිම මගින් රෝග පාලනය සඳහා අවශ්‍ය මහජනතාවගේ විනය තහවුරු කිරීම.
10. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සහිත කොවිඩ් එන්නත් මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම.
