හෙද පීඩනය නවතා කොවිඩ් මැඩලන්න

by admindasun
0 comment 172 views

කොවිඩ් – 19 වසංගතයේ මේ වන විට පවතින තත්ත්වය තුළ එය පාලනයට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු අතර එහිදී හෙද කාර්ය මණ්ඩල පීඩාවට පත් කිරීම නතර කළ යුතු බව සමස්ථ ලංකා හෙද සංගමයේ සභාපති එස්. බී මැදිවත්ත මහතා පවසයි.

දිනෙන් දින කොවිඩ් තත්ත්වය වර්ධනය වෙද්දී ඊට මුහුණ දීම වෙනුවෙන් වූ විධිමත් වැඩපිළිවෙලක් සැකසීම සඳහා කටයුතු කිරීම වෙනුවෙන් සියලූ ක්‍රියාමාර්ග ගැනීම ආණ්ඩුවෙත්, සෞඛ්‍ය අමාත්‍යංශයෙත් වගකීම වුවත් සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රමුඛ බලධාරීන් හා ආණ්ඩුව මේ මොහොතේ ගනු ලැබ ඇති සමහර තීන්දු තීරණ හේතුවෙන් කොවිඩ් වසංගතයේ විශේෂ කාර්ය භාරයක් ඉටු කරමින් සිටින හෙද හෙදියන් මහත් පීඩාවකට හා අනතුරකට පත් කර ඇති බවටත් මැදිවත් මහතා චෝදනා කරයි.

මේ පිළිබද වැඩි විස්තර පහත වීඩියෝවෙන් බලන්න.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment