සනත්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් යළි පිටියට

by admindasun
0 comment 64 views

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දැනට පවතින ජාතික කණ්ඩායම අතර තරගයක් මැයි මස 04 වන දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

පසුගියදා පැවැති ලෝක තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අනු ශූරයින් බවට පත්වූ අතර එම තරගාවලිය ප්‍රෙක්ෂකයින් අතර අතිශය ජනප්‍රිය වීමත් සමග මෙම තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ලෝක තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායමේ නායකත්වය දැරූ තිලකරත්න දිල්ෂාන් ඔස්ට්‍රේලියාවේ සිට පැමිණීමට කොවිඩ් සංචරණ සීමා ඇති බැවින් මෙවර කණ්ඩායමේ නායකත්වය හිටපු ටෙස්ට් නායක සනත් ජයසූරිය විසින් දරණු ඇත.

පන්දු වාර 20-20 තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම ශ්‍රී ලංකා ග්‍රේට් ඉලවන් (Sri Lanka Great Eleven) ලෙසත් ජාතික කණ්ඩායම ටීම් ශ්‍රී ලංකා (Team Sri Lanka) ලෙසිනුත් සහභාගී වීමට නියමිතය.

මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තරගය ප්‍රේක්ෂකයින්ගෙන් තොරව පැවැත්වීමට සැළසුම් කර ඇති අතර රූපවාහිනී විකාශයෙන් ලබන ආදායම කොවිඩ් මර්දන කටයුතුවලට වැය කිරීමට නියමිත බවත් වාර්තා වේ.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment