කොවිඩ් – 19 රෝගීන්ගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි අවශ්‍ය ඔක්සිජන් තොග මෙරට පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
එම නිසා ඒ පිළිබදව අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බවත් වෛද්‍ය ගුණවර්ධන පවසයි.
තව දුරටත් අදහස් දැක්වූ ඔහුට අනුව ඉදිරි මාස 06ට සරිලන සේ ඔක්සිජන් තොග අමාත්‍යංශයේ සැපයුම්කරුවන් සතුව තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
