සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න

by admindasun
0 comment 26 views

පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය තුළ ඒ සදහා සෘජුවම ගැටෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පහසුකම් කප්පාදුවකින් තොරව ලබා දීමට කටයුතු කරන ලෙස සමස්ථ ලංකා හෙද සංගමය ඉල්ලා සිටී.

එම සංගමයේ සභාපති එස් බී මැදිවත්ත පැවසුවේ මේ වන විට තෙවැනි කොවිඩ් රැල්ලක්ද රටපුරා පැතිර යමින් තිබෙන අතර පළමු හා දෙවන කොවිඩ් රැලිවල දී මෙන්ම මේ මොහොතේ දී ද කොවිඩ් රෝගීන් හා සෘජුව ගැටෙමින් කටයුතු කරනුයේ හෙද හෙදියන් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බවයි.

ආණ්ඩුවත් සෞඛ්‍ය බලධාරීණුත් පසුගිය මාස කිහිපයතුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ලබාදෙමින් තිබූ PPE ඇතුලූ අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණ මෙන්ම කාර්ය මණ්ඩල ලබා ගනිමින් සිට් විශේෂ නිවාඩුද කප්පාදු කර දමන ලද බව මැදිවත්ත මහතා කියා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ අද වන විට මෙරට රෝහල් පද්ධතිය තුළ හෙද හෙදියන් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල විශාල පිරිසකට කොරෝනා ආසාධනය වී ඇති බවයි.

එබැවින් මතුවෙමින් ඇති අනතුරට මුහුණ දීමේදී ඊට සෘජුවම සම්බන්ධව කටයුතු කරන හෙද හෙදියන් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ආරක්ෂිතව රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතුවල නියැලීමට අවශ්‍ය සියලූ උපකරණ හිගයකින් තොරව රෝහල් පද්ධතියට ලබා දීමට කටයුතු කිරීම ආණ්ඩුවේත් සෞඛ්‍ය බළධාරීන්ගේත් වගකීම බවත් මැදිවත්ත මහතා අවධාරණය කළේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment