මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි බන්ධනාගාරවල රදවා ඇති දරුණු අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත සිර මැදිරිය වෙත මාරු කර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව පාතාල සාමාජිකයින්, සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් 30 දෙනෙකු පමණ ඉදිරියේදී බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමට සැළසුම් කර ඇත.
බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත සිර මැදිරිය තුළ මීට පෙර මීට පෙර 46 දෙනෙකු රැදවීමට පහසුකම් තිබූ අතර එම පහසුකම් 76 දක්වා වැඩි කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මෙම සිර මැදිරිය තුළ පැය 24 පුරා ක්‍රියාත්මක වන CCTV කැමරා සහ පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාවට අමතරව අධි තාක්ෂණික නිරීක්ෂණය කිරීමේ පදුධතියක්ද සවි කිරීම තුළින් එහි රැදවියන් පිටස්තරයන් හා සම්බන්ධ වීමට ජංගම දුරකථන භාවිත කරන්නේද යන්න නිරීක්ෂණය කෙරනු ඇත.
සුප්‍රසිද්ධ අපරාධකරුවන් වන කංචිපානි ඉම්රාන්, වෙලේ සුදා, කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී වැනි පුද්ගලයන් එහි රදවා ඇති අතර ඉදිරියේදී පාතාල සාමාජික බැරල් සංණ ඇතුළු පිරිසක් බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමට නියමිත බව බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.
