කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස පහත සදහන් ප්‍රදේශ අද රාත්‍රි 08 සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරෙන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කය – රත්ගම ඉඹුල්ගොඩ සහ කටුදම්පෙ ග්‍රාම නිළධාරී වසම්
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – ත්‍රිකුණාමල පොලිස් බල ප්‍රදේශය, පූම්පුහාර්
කළුතර දිස්ත්‍රික්කය – මීගහතැන්න පොලිස් බල ප්‍රදේශය, මිරිස්වත්ත සහ පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිළධාරී වසම්
ගම්පහ දිස්ත්‍රික්කය – කොටදෙනියාව පොලිස් බල ප්‍රදේශය, පොල්හේන, හීරළුගෙදර, කළුඅග්ගල, අස්වැන්නවත්ත ග්‍රාම නිළධාරී වසම්
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
