පවතින කොවිඩ් එන්නත් ජුනි – ජූලිවල කල් ඉකුත් වෙයි

by admindasun
0 comment 33 views

කොවිඩ් – 19 එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අයට දෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ කිරීමට මේ වන විටත් දිනයක් නියම කර නොමැති පසුබිමක දැනට පවතින එන්නත් මාත්‍රා 356,000 තොගයෙන් මාත්‍රා 91,000ක් ජුනි මස 24 වන දිනද 265,000ක ජූලි මස 16 වන දිනද කල් ඉකුත් වීමට නියමිතය.

පසුගිය 19 වන දින සිට දෙවන මාත්‍රාව ලබා දීම ආරම්භ කිරීමට නියමිතව තිබුණද එය දින නියමයක් නොමැතිව කල් දැමුණු අතර මේ වන තෙක් නිශ්චිත දිනයක් නියම කර නොමැත.

කෙසේ වෙතත් පළමු අධියර යටතේ 925,242ක පිරිසකට එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් අතර ඒ සියල්ලන්ට දෙවන මාත්‍රාව ලබාදීම සදහා පවතින තොග ප්‍රමාණවත් නොවේ.

මේ අතර අද දින ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කොවිඩ් – 19 වැළැක්වීමට එකම විසදුම එන්නත්කරණය වන අතර ඒ සම්බන්ධව විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව ඇති බවයි.

එම එන්නතේ දෙවන මාත්‍රව ලබාදීම මැයි මස මුල සතිය තුළ ආරම්භ කිරීමට නියමිත අතර ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන්, කොවිඩ් මර්දනයේ නිරත ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළුව 356,000ක් දෙනාට දෙවැනි මාත්‍රාව දෙන ලබා දෙන බව එම නිවේදනය‌ේ සදහන් වේ.

ඉතිරි අවශ්‍යතාව සපුරාගැනීම සඳහා ඇස්ට්‍රාසෙනකා එන්නත නිෂ්පාදනය කරන ලෝකයේ සෙසු ආයතන සමග රජය දැන් සාකච්ඡා කරමින් සිටින බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම නිවේදනයේ තවදුරටත් මෙසේද සදහන් වේ.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ මාත්‍රා 200,000 අප්‍රේල් අවසානයේ දීත්, මාත්‍රා 400,000ක් මැයි මාසයේදීත්, මාත්‍රා 800,000ක් ජූනි මාසයේදීත්, මාත්‍රා 1,200,000ක් ජූලි මාසයේදීත් ගෙන්වා ගනු ලැබේ. ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇත.

පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා 600,000 ඉදිරි සති කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමත් සමග මෙරට ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇත.

මීට අමතරව රාජ්‍ය ඖෂධ සංස්ථාව ෆයිසර් එන්නත ගෙන්වීම සඳහා අවශ්‍ය මූලික ගිවිසුම් දැටනමත් අත්සන් කොට ඇති අතර එම එන්නත හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට රජය ක්‍රියාකාරමින් සිටී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment