දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවමින් මෙරට කෘෂි අස්වැන්න සහ එය පාදක කරගත් නිෂ්පාදන ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් ආරම්භ කෙරුණු ඩී පී ග්ලෝබල් වෙන්චර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් (DPGV) අද වන විට මෙරට ගොවියා තුළ මෙන්ම පාරිභෝගිකයින් තුළද විශ්වසනීය නමක් හිමි කරගෙන ඇත.
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු ලෙසින් මෙරට සෑම මට්ටමකම ජනතාවට සමීප වෙමින් දිවයින පුරා විහිදුණු ගොවි නියෝජිත ජාලයක් පිහිටුවා ගැනීමට ඩී පී ග්ලෝබල් වෙන්චර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමට මේ වන විට හැකියාව ලැබී ඇත.
කාබනික කෘෂිකර්මාන්තය පෙරටු කොට ගත් මෙම ගමනේදී ගොවිතැන සඳහා යොමු වී සිටින ගොවි ජනතාවට තම වගා කටයුතු සදහා අවශ්‍ය දැනුම මෙන්ම ඔවුන්ගේ අස්වැන්නද හොඳ මිලකට මිලදී ගැනීම හරහා කෘෂිකර්මාන්තයට නව ගැම්මක් ලබා දීමටද ගොවි ජනතාවගේ ඉදිරි පරම්පරාවද දියුණු තාක්ෂණ ක්‍රම ඔස්සේ ගොවිතැනට දිරිගැන්වීමද සිදු කර තිබේ.
ගොවීන්ගේ අතිරික්ත නිෂ්පාදන මිලදී ගෙන ගබඩා කරමින් අගය එකතු කළ ආහාර නිෂ්පාදන රැසක්ද මේ වන විට DPGV වෙතින් වෙළෙද පොළට නිකුත් කර ඇත.
දේශීය ගොවි ජනතාවගෙන් ලබා ගන්නා අස්වැන්න මුල් කොට ස්වභාවික කහ පේස්ට්, විජලිත ස්වාභාවික ආහාර නිෂ්පාදන, කුළු බඩු, විවිධ දේශීය සහ පාරම්පරික සහල් වර්ග, ස්වභාවික පළතුරු යුෂ ආදී නිෂ්පාදන රැසක් විදේශීය මෙන්ම දේශීය වෙළෙඳ පොළට නිකුත් කිරීමට ඩී පී ග්ලෝබල් වෙන්චර්ස් මේ වන විට සමත් වී ඇත. කැනඩාව, ජර්මනිය, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල්වලට නිරන්තරයෙන් තම නිෂ්පාදන වසර ගණනාවක් මුළුල්ලේ අලෙවි කරමින් ජාත්‍යන්තර වශයෙන්ද කීර්තිමත් නාමයක් දිනාගෙන සිටී.
තවද දේශීය ගොවි ජනතාවගේ නිෂ්පාදනවලට අවශ්‍ය සහතිකකරණ කටයුතු සදහා යන වියදම් දරමින් ජාත්‍යන්තර වෙළෙඳ පොළට එම නිෂ්පාදන යොමු කිරීමට අවශ්‍ය වටපිටාවද ඩී පී ග්ලෝබල් වෙන්චර්ස් වෙතින් ගොවි ජනතාවට සකස් කර දී ඇත.
තම නිෂ්පාදන දේශීය වෙළෙඳ පොළට නිකුත් කිරීමේ ප්‍රධාන අලෙවි මධ්‍යස්ථානය ලෙස ඩී පී ග්ලෝබල් වෙන්චර්ස් විසින් බත්තරමුල්ල පන්නිපිටිය පාරේ Glo Shop & Cafe හැදින්විය හැකිය. Glo Shop & Cafe සදහා දේශීය සැපයුම්කරුවන් 100කට අධික ප්‍රමාණයක් තම නිෂ්පාදන ලබා දෙන අතර පාරිභෝගිකයන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, විශේෂයෙන් සුවිශේෂී නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව ඇත.
එපමණක් නොව දිවයින පුරා පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රදර්ශනාගාරවල මෙන්ම ඇසට්ලයින් ලීසිං ශාඛාවල පිහිටුවා ඇති DPG Agri & Farm Shop වෙතින්ද මෙම නිෂ්පාදන මිලට ගැනීමේ අවස්ථාව දිවයින පුරා පාරිභෝගිකයන්ට උදා කර දී ඇත.
මෙරට ප්‍රධානතම සමූහ ව්‍යාපාරයක් ලෙස ඩේවිඩ් පීරිස් සමූහයේ අනෙකුත් සමාගම් හා සම්බන්ධ වෙමින් ගොවි ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමටද ඩී පී ග්ලෝබල් වෙන්චර්ස් හැම විටම කටයුතු කරයි.
උදාහරණයක් ලෙස පැවසුවහොත් කෘෂිකර්මාන්තයේ නියැළෙන ගොවි මහතෙකුට ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට අවශ්‍ය නම් ඇසට්ලයින් ලීසිං කම්පනි ලිමිටඩ් හරහා එම අවශ්‍යතාව සපුරාලීමට සමාගම කටයුතු කරනු ඇත.
ගොවීන්ට අවශ්‍ය නවීන තාක්ෂණය ලබා දීමට අවැසි තොරතුරු තාක්ෂණ සහාය මෙන්ම තම වගාවන්ට අවශ්‍ය රක්ෂණ පහසුකම්ද සමූහයේ අනෙකුත් සමාගම් හරහා සම්බන්ධීකරණය කර දීමට මේ වන විටත් කටයුතු කර ඇත.
තවද Fair Trade Certification ක්‍රියාවලිය හරහා ගොවියාගේ අස්වැන්නට නියම මිල ලබාදීමට හැකියාව ඇති අතර ඒ සදහා ගොවියා ලියාපදිංචි කිරීමේ කටයුතු සමාගමේ හැදිහත්වීමෙන් සිදු කරයි.
දේශීය ගොවියා සහ කෘෂිකර්මාන්තය නගා සිටුවමින් මෙරට මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ පොළේද DPGV නිෂ්පාදන තවදුරටත් ප්‍රචලිත කිරීම හෙට දවසේ අරමුණ වේ.
එහි අවසන් ප්‍රතිඵලය ලෙස අභිමානවත් වූ කෘෂි ආර්ථිකයක් නැවත මෙරට බිහිවීම මෙන්ම නව පරම්පරාවට යොමු විය හැකි පරිදි මෙරට කෘෂිකර්මාන්තය සකස් වන බවද නොඅනුමානය. එසේම මෙරට ජනතාවට අපේම සරු පොළොවේ අස්වැන්න වස විසෙන් තොරව භුක්ති විදීමේ අවස්ථාවද උදා වේ.
