ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පියවරක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවා මහතා ය.
මෙරට අමුද්‍රව්‍ය මත පදනම් වූ මේ ධූමපාන, තදින් දුම්පානයට ඇබ්බැහි වූ අයකුට ඉන් මිදිය හැකි ආදේශකයක් බව ද ඇමැතිවරයා පවසයි.
කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අද (17) පැවති මෙම “ආයුර්වේද ධූමපාන” ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
බහුජාතික සමාගම්වල අනුදැනුම හා මෙහෙයවීම මත සමහර රජයේ ආයතන මේ නව නිපැයුමට “බාල්දි පෙරළීමට” බලා සිටින බව පවසන අමාත්‍යවරයා අවධාරණය කළේ නීති පොතේ කුමන වගන්ති පැවතිය ද නව නිෂ්පාදනකරුවකුගේ නිෂ්පාදන ඉදිරියට ගෙන යාමට කර්මාන්ත ඇමැතිවරයා ලෙස තමන් කැප වන බව ය
ලංකාවේ බොහෝ නීති සකස් වී ඇත්තේ නව නිපයුම්කරුවන් ඉදිරියට ගෙන යාමට නොව හිරේ දැමීමට නිසා එම නීති වෙනස් කොට නව නිපැයුම්කරුවන් දෙස සාධාරණව බැලිය යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
