OPPO F19 Pro මාදිලිය පසුගිය මාර්තු 15 වන දින නිල වශයෙන් හඳුන්වාදෙනු ලැබීමෙන් අනතුරුව මාර්තු 23 වන දින සිට ශ්‍රී ලංකාවේ අලෙවි කිරීම ආරම්භ කර තිබේ. මෙම මාදිලිය සඳහා පූර්ව-ඇණවුම් ලබා දුන් පාරිභෝගිකයෝ තම දුරකථන සහ ඒ සමග නොමිලේ ලැබෙන ත්‍යාග ලබාගැනීම සඳහා දිවයින පුරා OPPO සහ නියෝජිත අලෙවිසැල් වෙත රොක්වූහ. මෙම දුරකථන සමග එම පාරිභෝගිකයන්ට OPPO Enco 11 උපාංග, ඩයලොග් වෙතින් 50GB ඩේටා සහ දුරකථන display සඳහා මාස 6 ක රක්ෂණාවරණයක් නොමිලේ හිමිවිය. මීට පෙර හඳුන්වාදෙන ලද ත F17 Pro මාදිලියට සාපේක්ෂව මෙවර මාදිලියේ මුල්දින අලෙවිය 200% ක වර්ධනයක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.
සමාජ මාධ්‍ය වෙනුවෙන් නිර්මාණ සිදුකරන්නන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින්, නිර්මාණශීලීත්වයට උපකාරී වන විශේෂාංග රැසක් ඇතුළත් කරමින් OPPO F19 Pro මාදිලිය සැලසුම්කර තිබේ. වැඩිදියුණු කළ ColorOS 11 මෙහෙයුම් පද්ධතිය සහිත ඊට යොදා ඇත්තේ ඉහළ ක්රියාකාරීත්වයකට උපකාරීවන 4310mAh බැටරියකි. MediaTeck Helio P95 Octa-core ප්‍රොසෙසරයක් සහිත OPPO F19 Pro මාදිලිය 2ARM Cortex A-75 Prime Cores මත 2.2 GHz දක්වා ක්රියාකාරීත්වයක් දක්වයි. මේ නිසා Apps විවෘත වීම වඩාත් වේගවත්වීම, තිරය ස්පර්ශ කිරීමේදී වඩාත් ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම සහ අනෙකුත් විශේෂාංග ක්‍රියාත්මක කිරීමේදී බාධා අවම වීම වැනි වාසි හිමිවන අතර එය වීඩියෝ ක්‍රීඩා වල යෙදෙන්නන්ට බෙහෙවින් වැදගත් වනු ඇත.
OPPO F Series මාදිලි එකතුව යටතේ හඳුන්වාදුන්, තාක්ෂණය අතින් දියුණුතම මාදිලිය ලෙස සැලකිය හැකි OPPO F19 Pro මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට හැකිවීම වගේම, එහි සන්නාම තානාපතිනිය ලෙස ජනප්‍රිය ගායිකාවක සහ The Voice වැඩසටහනේ පුහුණුකාරිනියක වන උමාරියා සිංහවංශ මහත්මිය එක්වීම මට විශාල සතුටක්. එකවර ඉදිරිපස හා පසුපස කැමරා වලින් වීඩියෝ දර්ශන ලබාගැනීමේ හැකියාව වැනි අතිනවීන විශේෂාංග රැසක් මෙම නව මාදිලියට ඇතුළත් වී තිබෙන නිසා මෙය vlogging වැනි කටයුතු වල නිරත වන්නන් අතර අතිශයින් ජනප්‍රිය වේවි කියා මා සිතනවා.” Xinda Lanka (OPPO sri Lanka) හි ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.
OPPO F19 Pro මාදිලිය හඳුන්වාදීම ද නිර්මාණශීලීත්වයට මුල්තැන දුන් ඉසව්වක් වූ අතර, එය තමන්ට සුවිශේෂී අත්දැකීමක් වූ බවට එයට සහභාගී වූ අය පවසා සිටියා. අභ්‍යන්තර වාර්තා අනුව, පූර්ව-ඇණවුම් කාලසීමාවේදී රට පුරා පාරිභෝගිකයන් වෙතින් මෙම නව මාදිලිය සම්බන්ධයෙන් විශාල උනන්දුවක් හා කුතුහලයක් ඇති වූ බව පැහැදිලියි. ශ්‍රී ලංකාව කවදත් අපගේ ප්‍රියතම වෙළඳපොළක්. මෙරටදී මේ දක්වාම පාරිභෝගිකයන්ගෙන් අප වෙත ලැබුණු සහයෝගය වෙනුවෙන් ඉදිරියේදී තව තවත් සුවිශේෂී නිෂ්පාදන හා සේවාවන් මෙරටට හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා.”බොබ් ලී මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
OPPO F19 Pro මාදිලිය රු. 69,990 කට මිලදීගත හැකි අතර, ඒ සමග හඳුන්වාදුන් OPPO Band උපාංගය රු. 9,999 කට මිලදීගත හැකිවේ. දුරකථන ඇමතුම් සම්බන්ධ notifications සහ වෙනත් notifications, workout modes 12 ක්, තමන්ට කැමති පරිදි තෝරා භාවිතා කළ හැකි Face Designs 40 ක්, මීටර 50ක ජල ප්‍රතිරෝධයක් (water resistant) ඇතුළුව තවත් විශේෂාංග රාශියක් මෙම Smart Band උපාංගයට ඇතුළත් වී ඇත.
රටපුරා OPPO අලෙවිසැල් වලින් මෙන්ම අබාන්ස්, සිංහගිරි සහ ඩයලොග් ප්රදර්ශනාගාර වලින්ද, Buy Abans සහ Daraz වැනි අන්තර්ජාල අලෙවිසැල් වලින් ද ඒවා මිලදීගත හැක. OPPO F19 Pro මාදිලිය Fantastic Purple සහ Fluid Black යන වර්ණ දෙකෙන් යුතුව වෙළඳපොළට හඳුන්වා දී ඇත. මාර්තු 30 වන දිනෙන් අවසන් වන මුල් සතිය පුරා OPPO F19 Pro මාදිලිය සමග OPPO Enco W11 සමග ඩයලොග් ඩේටා නොමිලේ හිමිවේ.
