ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාට කොවිඩ් මර්දන එන්නත ලබාදීම හේතුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝහ හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වෙනත් අමාත්‍යංශයකට මාරු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
බතික්, අත්යන්ත්‍ර රෙ/;,දි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය එම අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කර ඇති අතර අමල් හර්ෂද සිල්වා මහතා පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට මාරු කර ඇත.
ජනප්‍රිය පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීම හරහා රටේ සමස්ථ පුරවැසියන් ඒ සදහා උනන්දු කරවීමේ පදනම මත සනත් ජයසූරිය මහතා එන්නත ලබා දී ඇති අතර ඒ බව විකෘති කරමින් රජයේ ඉහළ දේශපාලන අධිකාරියට කරුණු දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වේ.
මේ සම්බන්ධයෙන් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වාගෙන් News Unlimited කළ විමසීමකදී ඔහුගේ ස්ථාන මාරුව පිළිබදව සනාථ කර සිටියේය.
