කොවිඩ් – 19 පැතිරීමේ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අද දින කොළඹ යුධ හමුදා රෝහලේදී කොවිඩ් මර්දන එන්නත ලබා ගත්තේය.
කොවිඩ් මර්දන කාර්යයේ නිරතව සිටින ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් 63000ක් පමණ සංඛ්‍යාවක් මෙම එන්නත ලබා ගැනීමෙන් අනතුරුව අවසන් සාමාජිකයා ලෙස යුධ හමුදාපතිවරයා මෙම එන්නත ලබාගත් බව යුධ හමුදා මූලස්ථානය පවසයි.
මෙම අවස්ථාවට අද උදෑසන ඉන්දීය මහ කොමසාරිස්වරයාද සහභාගී වූ අතර මෙහිදී ආරක්ෂක අංශවල අයගේ ප්‍රයෝජනය සදහා වෙනමම එන්නත් තොගයක් ලබාදීමට ඔහු එකගතාව පල කළේය.
