ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම අතර දින ඉන්දියාවේ රායිපූර්හි පැවැති 2021 Road Safety Series තරගයේදී කඩුළු 05ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙහිදී පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්ද වාර 20 අවසානයේදී කඩුළු 04කට ලකුණු 157ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දු වාර 19කදී කඩුළු 05ක් දැවී ලකුණු 160ක් රැස් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග නොදැවී ලකුණු 53ක් රැස් කිරීමට සමත් වූ අතර තිලකරත්න දිල්ෂාන් අර්ධ ශතකය පෙනෙන මානයේදී ලකුුුුණු 47කට දැවී ගියේය.
ලෝක පූජිත ශ්‍රී ලංකා ක්‍රීඩක සනත් ජයසූරිය අවාසනාවන්ත ලෙස ලකුණු 12කට දැවී ගිය අතර අජන්ත මෙන්ඩිස් ලකුණු නොලබාම දැවී යාම තවත් විශේෂත්වයක් විය.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චාමර සිල්වා පන්දු 15කට ලකුණු 22ක් ලබා දැවී ගියේය.
තරගයේ වීරයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග පිදුම් ලැබුවේය.
