ශ්‍රී ලංකා පිළ සහභාගී වන පළමු ලෙජන්ඩ්ස් තරගය අද

by admindasun
0 comment 75 views

2021 Road Safety Series හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තරග වදින පළමු තරගය අද දින ප.ව. 07.00 සිට පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව රායිපූර් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලිය ඊයේ ආරම්භ කෙරුණු අතර පළමු තරගය ඉන්දියාව සහ බංගලාදේශය අතර පැවැත්විණි. එම තරගය කඩුළු 10කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තිලකරත්න දිල්ෂාන් විසින් දරණ අතර ක්‍රීඩා කරන කණ්ඩායම මෙසේය.

තිලකරත්න දිල්ෂාන් (නායක)
සනත් ජයසූරිය
උපුල් තරංග (කඩුළු රකින්නා)
චාමර සිල්වා
චාමර කපුගෙදර
රසල් ආනල්ඩ්
තිලාන් තුෂාර
ෆර්වේෂ් මුෂාරෆ්
ධම්මික ප්‍රසාද්
නුවන් කුලසේකර
රංගන හේරත්
චින්තක ජයසිංහ
දුලංජන වීරසිංහ
අජන්ත මෙන්ඩිස්
මලින්ද වර්ණපුර

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment