හොරෙන් ලී පැන්නූ අය ආමි දැලේ

by admindasun
0 comment 56 views

දිලංක ගුණතිලක

මන්නාරම සිට යාපනය දක්වා A – 32 මාර්ගයේ නීති විරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ බුරුත සහ පලු ලී කඳන් තොගයක් සහ ඒවා ප්‍රවාහනය කළ කැබ් රථයක් අත්අඩංගුවට ගැනීමට යුද්ධ හමුදා භටපිරිස් ඊයේ (03) කටයුතු කළහ.

අදාල කැබ් රථය සංගුප්පිඩ්ඩි පොලිස් මාර්ග බාධකයේදී අණ නොතකා ධාවනය කර ඇති අතර එහිදී වහාම ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා භට පිරිස් ඇණ සහිත ලෑලි මාර්ගය හරහා දමා කැබ් රථය නැවැත්වීමට කටයුතු කර ඇත.

මෙම කැබ් රථයේ නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ බුරුත සහ පලු ලි කඳන් 100ක් සහ කැබ්රථය වැඩිදුර පරීක්ෂණ සඳහා පුනරින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත. කැබ් රථයේ රියදුරු සහ සහයක සිද්ධිය අවස්ථාවේදී කැබ්රථය අතහැර පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනිමට පුනරීන් පොලීසිය පරික්ෂණ පවත්වයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment