DPMC Workshop Matara විවෘත වෙයි

by admindasun
0 comment 113 views

මාතර ප්‍රදේශයේ වාහන හිමියන්ට සුබ ආරංචියක් ගෙන දෙමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි බස්නාහිර පළාතෙන් පිටත විවෘත කෙරුණු ප්‍රථම වාහන සේවා මධ්‍යස්ථානය ලෙස DPMC Workshop Matara පසුගියදා ගාලු පාර, තල් අරඹ, කඹුරුගමුව යන ස්ථානයේදී විවෘත විය.

DPMC Workshop – Matara වෙතින් බජාජ් වාහන / KTM මෝටර් සයිකල් නඩත්තු, සේවා සහ අලුත්වැඩියා ඇතුළු සියලුම වාහන බොඩි වොෂ් සහ ඩීටේලින් සේවාද ලබාගත හැක.

මෙම පරිශ්‍රයේම බජාජ් ජෙනුයින් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කර ඇති අතර පාරිභෝගිකයන්ට ඇසට්ලයින් ලීසිං, ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සහ රියසක්වල සේවාද ලබා ගැනීමේ හැකියාව ඇත.

DPMC Workshop – Matara වෙත එන මුල්ම පාරිභෝගිකයන් 100 දෙනාට වටිනා තෑගි සහ බජාජ් ජෙනුයින් පාර්ට්ස්වලට විශේෂ වට්ටම් පිරිනැමීමටද ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් කටයුතු සූදානම් කර ඇත.

0114700600 ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment