අගමැතිවරයාට අසනීප බවට පැතිරෙන කටකතා සාවද්‍යයි

by admindasun
0 comment 120 views

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අසනීප වී ඇති බවට පැතිරී යන කට කතා සාවද්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් News Unlimited වෙත අදහස් දක්වමින් පැවසුවේය.

අද උදෑසන අග්‍රාමාත්‍යවරයා අසනීප වී රෝහල්ගත කර ඇති බවට නොයෙකුත් ආකාරයෙන් කට කතාවක් පැතිරුණු අතර මේ පිළිබදව විමසමින් විදෙස් රටවලින් පවා අග්‍රාමාත්‍ය කාර්යාලයට දුරකථන ඇමතුම්ද ලැබුණු බව ඔහු කියා සිටියේය.

හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා සුපුරුදු සුවෙන් පසුවන අතර අද උදෑසන කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවුණු බවද ඔහු කියා සිටියේය.

කොවිඩ් – 19 වසංගතයේ වර්තමාන තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිවසේදී සාකච්ඡා කළ බවත් ඔහු පැවසුවේය.

තවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (25) උදෑසන කොළඹ අධිකරණ සංකීර්ණයේ පැවැත්වෙන මුල්ගල් තැබීමේ උත්සවයකටද සහභාගී වීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment