ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO 2020 වසර සාර්ථක ලෙස අවසන් කිරීමට සමත් විය. එම වසර තුළදී නව නිෂ්පාදන හා සේවාවන් රාශියක් වෙළඳපොළට හඳුන්වා දීමට OPPOකටයුතු කළ අතර, ඒ සඳහා පාරිභෝගිකයන් වෙතින් උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. 2004 වසරේදී ආරම්භ වූ OPPO සමාගම මේ වනවිට ජාත්‍යන්තර මට්ටමින් සාර්ථක වසර 16 ක් සම්පූර්ණ කර ඇති අතර,OPPO නිෂ්පාදනශ්‍රී ලංකාවට හඳුන්වා දී වසර 5 ක් සපිරී තිබේ.
ශ්‍රී ලංකාව මාස ගණනාවක් තිස්සේ සංචරණ සීමාවන්ට මුහුණ දී සිටීමෙන් අනතුරුව එම සීමාවන් ලිහිල් වීමත් සමග, පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව හා පහසුව පිළිබඳව අවධානය යොමුකරමින්, ‘1 Hour Flash Fix’ වැනි සේවාවන් හඳුන්වා දීමට කටයුතු කළ බව, Xinda Lanka (පුද්.) සමාගමේ(OPPO Sri Lanka)ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය. සියලුම OPPO නිෂ්පාදන හා උපාංග සඳහා වන වගකීම් කාලය මාස 2 කින් දීර්ඝ කිරීමටද සමාගම කටයුතු කළ අතර, CoVid-19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගන්නා උත්සාහයට දායක වීමක් වශයෙන් එම අරමුදලට රු. මිලියන 1.2 ක මුදලක්ද පරිත්‍යාග කරන ලදි.
2020 වසර තුළදී OPPO F15, F17, F17 Pro සහ Reno 3 යන මාදිලි වෙළඳපොළට හඳුන්වා දීම සිදුවිය. ක්‍රියාකාරීත්වය මෙන්ම අලංකාරය අතින්ද සුවිශේෂී ඉදිරි පියවරක් වූ Enco හෙඩ්ෆෝන් උපාංග එකතුවද මෙම වසර තුළදී හඳුන්වා දෙන ලද අතර, ඉහත සඳහන් කළ දුරකථන මාදිලි මෙන්ම Enco W51, Enco Free සහ Enco මාදිලි එකතුවේ අනෙකුත් උපාංගද පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබේ.
පසුගිය නොවැම්බර් මාසයේදී ‘Technology for Mankind – Kindness for the World’ යන තේමාව යටතේ OPPO විසින් සිය ‘INNO DAY’ වැඩසටහනේ 2020 අදියර අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලදි. ‘INNO DAY’ යනු ක්ෂේත්‍රයේ විශේෂඥයන්, හවුල්කරුවන් හා ප්‍රමුඛ මතධාරීන් අනාගත තාක්ෂණයන් පිළිබඳව අදහස් සාකච්ඡා කරන වාර්ෂික වැඩසටහනකි. මෙවර INNO DAY වැඩසටහන තුළදී flexible display සහ structural stacking හැකියාවන් සහිත rollable handset වර්ගයේ දුරකථනයක් වන OPPO X හඳුන්වා දෙන ලදි. එමෙන්ම 2021 වසරේදී සියලුම ප්‍රමුඛ පෙළේ ස්මාර්ට්ෆෝන් මාදිලි සඳහා හඳුන්වා දීමට නියමිත Full-path Color Management System හඳුන්වා දීමද මෙහිදී සිදුවිය. මෙම තාක්ෂණය මගින් DCI-P3 wide gamut සහ 10-bit color depth ඔස්සේ වඩාත් තාත්වික හා නිවැරදි ලෙස වර්ණ ප්‍රතිනිෂ්පාදනය සිදුවේ.
OPPO අලෙවි නියෝජිත සම්මන්ත්‍රණයේදී “IoT Enablement Plan 2.0” ඔස්සේ පෞද්ගලික විනෝදාස්වාදය, ගෘහෝපකරණ සහ ක්‍රීඩා හා සෞඛ්‍ය ක්ෂේත්‍ර වල හවුල්කරුවන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 29.5 ක මුදලක් වෙන් කරන බව OPPO විසින් ප්‍රකාශයට පත්කරන ලදි.
එමෙන්ම මෙම සම්මන්ත්‍රණයේදී, ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත නිෂ්පාදන හා තාක්ෂණයන් සම්බන්ධ නිවේදන රැසක්ද සිදුකරන ලද අතර,OPPO මේ වනවිට ‘Smart TV’ හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවද මෙහිදී අනාවරණය කරන ලදී. ඒ අනුව OPPO ලොව Smart TV ක්ෂේත්‍රයට පිවිසෙන දෙවැනි ජංගම දුරකථන සන්නාමය බවට පත්වේ.
2020 වසරේදී ‘China International Industrial Design Expo’ වැඩසටහනටද සහභාගී වූ OPPO එහිදී ‘slide phone’ සහ ‘music link’ යන සංකල්ප මට්ටමේ සැලසුම් හඳුන්වා දීම සිදුකළේ ය. මෙම සංකල්ප ජපානයේ කාර්මික නිර්මාණ සැලසුම් සමාගමක් වන Nendo සමග එක්වී නිර්මාණය කර තිබේ.
“අපගේ සාර්ථකත්වයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ, පවතින තත්ත්වයන්ට ඉක්මනින් අනුගත වීමට ඇති හැකියාවයි. එමගින් අපට එළඹෙන ඕනෑම අභියෝගයක් ආශීර්වාදයක් බවට පත්කරගනිමින් ශක්තිමත්ව ඉදිරියට යාමට හැකිවී තිබෙනවා. පසුගිය වසර තුළදී පුරෝගාමී පියවර රැසක් තැබීමට අපට හැකියාව ලැබුණා. F15 මාදිලිය හඳුන්වා දීමේදී නව සම්ප්‍රදායක් සනිටුහන් කරමින්, එම අවස්ථාව මුළුමනින්ම virtual ක්‍රමයට සිදුකිරීමට අප කටයුතු කළා. නව වසර තුළදීත් අපගේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙනුවෙන් නව නිෂ්පාදන හා සේවාවන් රාශියක් හඳුන්වා දීම අපගේ බලාපොරොත්තුවයි.” OPPO Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.
