ජනවාරි 23 සිට ගුවන් තොටුපළවල් විවෘතයි

by admindasun
0 comment 44 views

2021 ජනවාරි 23 වන දින සිට ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා මෙරට ගුවන් තොටුපළවල් විවෘත කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සෞඛ්‍ය අංශවල නිර්දේශයන්ට අනුව අවශ්‍ය පියවර ගනිමින් මෙසේ ගුවන් තොටුපළවල් ජාත්‍යන්තර ගුවන් යානා සදහා විවෘත කෙරෙන බවත් ඔහු කියා සිටියේය.

මේ වන විට තෝරාගත් සංචාරකයින් ඔවුන් සදහාම වෙන්වූ ගුවන් යානා මගින් මෙරටට ගෙන ඒම ආරම්භ කර ඇති අතර එම වැසටහන යටතේ මේ වන විට සංචාරක කණ්ඩායම් කිහිපයක් යුක්රේනයේ සිට මෙරටට පැමිණ ඇත.

ඊට අමරතව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමද වෙනමම ගුවන් යානයකින් පසුගියදා මත්තල ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට ළගා විය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment