යාළ සෆාරි රියදුරන් නිරෝධායනයට විරෝධය

by admindasun
0 comment 45 views

පසුගියදා මෙරටට පැමිණි යුක්රේන ජාතික සංචාරකයින් යාළ ජාතික උද්‍යානය වෙත රැගෙන ගිය සෆාරි ජීප් රථ රියදුරන් දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කිරීම සම්බන්ධයෙන් එම ජීප් රථ හිමියන්ගේ සංගමය දැඩි විරෝධාතාව ප්‍රකාශ කරයි.

මේ පිළිබදව මාධ්‍යයට අදහස් දක්වමින් ඔවුන් පවසා සිටියේ පෙර දැනුම් දීමකින් තොරව හිටි හැටියේම මෙසේ ඔවුන් නිරෝධායනයට යොමු කිරීම හරහා ගැටළු රාශියක් පැන නගින බවයි.

මෙසේ නිරෝධායනයට ලක් කිරීමක් පිළිබදව සෞඛ්‍ය අංශ විසින් ඔවුන්ව මීට පෙර දැනුවත් නොකළ අතර අද උදෑසන හිටි හැටියේම ගෙන ඇති මෙම තීරණය නිසා එම රියදුරන්ගේ පවුල්වල අයද අසීරුතාවට පත් වී ඇති බව ඔවුහු පවසති.

විශේෂයෙන් ඔවුන්ට ඒ බව නිවෙස්වලට දැන්වීමටවත් අවස්ථාවන් නොතිබුණු අතර එසේ පෙර දැනුම්දීමක් සිදු කර තිබුණා නම් ඔවුන් මෙම සංචාරයකයින් රැගෙන යාමට නොපැමිණෙන බවත් ජීප් රථ රියදුරන්ගේ සංගමය පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment