කොවිඩ් එන්නත ගැන තීරණය හෙට

by admindasun
0 comment 86 views

ශ්‍රී ලංකාවේ භාවිතය සදහා කුමන වර්ගයේ කොවිඩ් – 19 එන්නතක් නිර්දේශ කිරීම සහ එසේ නිර්දේශ කරනු ලබන එන්නත කුමන කාලයේදී ලංකාවට ගෙන්වනවාද යන්න ගැන තීරණය කිරීම හෙට (04) දිනයේ කොවිඩ් එන්නත් පිළිබද කමිටුව රැස්වීමේදී තීරණය කෙරෙන බව එම කමිටුවේ සභාපති සහ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසන බව The Sunday Morning පුවත්පත වාර්තා කරයි.

තව දුරටත් අදහස් දැක්වූ වීරතුංග මහතාට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පිළියෙළ කරන ලද ජාතික එන්නත්කරණ සැළැස්ම හෙට දිනයේදී අදාළ කමිටුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි තීරණ ගැනීමට නියමිතය.

The Sunday Morning පුවත්පත වාර්තා කරන පරිදි කෙසේ වෙතත් ඖෂධ නියාමනය පිළිබද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මීට දින කිහිපයකට පෙර පවසා තිබුණු කරුණුවලට අනුව බොහෝ විට රුසියාවේ නිෂ්පාදිත Sputnik V නම් එන්නත මෙරටට ගෙන්වීමට නියමිතය.

මහාචාර්ය ජයසුමනට අනුව රුසියානු එන්නත රුසියානු රජය මේ වන විටත් අදාළ එන්නත මෙරටට ලබාදීමට එකගතාව ඵල කර ඇති අතර එය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මෙරටට ගෙන්වීමට නියමිතය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment