අධ්‍යාපන විද්‍යා පීඨවල ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ 3772ක් පමණ වූ පිරිසගේ පත්වීම් එකගවූ පරිදි දෙසැම්බර් 31 වන දින වන විට ස්ථිර නොකිරීමට එරෙහිව ජනවාරි 04 සදුදා ඔවුන් අධ්‍යාපන අමාත්‍යංශය (ඉසුරුපාය) ඉදිරිපිටදී විරෝධතාවක නිරත වීමට සැළසුම් කර ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ 2014 අ. පො. ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව අධ්‍යාපන විද්‍යා පීඨවල වසර 03ක ඩිප්ලෝමා පාඨමාලාවක් සදහා බදවා ගත් මෙම ඩිප්ලෝමාධාරීන් තම පාඨමාලා අවසන් කර මේ වන විට වසර 06ක් ගත වී ඇති බවයි.
එසේම පාඨමාලාවේ අවසන් විභාග ප්‍රතිඵල නිකුත් වී මේ වන විට මාස 09ක් ගත වී ඇති බවත් ඔහු කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රම ඔස්සේ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියද අධ්‍යාපන අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් නිහඩ බැවින් ඔවුන් මෙම ක්‍රියා මාර්ගය වෙත යොමු වීමට සිදු වී ඇති බවත් ජයසිංහ මහතා පවසයි.
තම විරෝධතාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාද ලිඛිතව දැනුවත් කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
