කොවිඩ් රෝහල් වැඩි කරයි

by admindasun
0 comment 35 views

දිනපතා වාර්තා වන කොවිඩ් ආසාධිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග රට පුරා කොවිඩ් ප්‍රතිකාර සදහා වෙන් කර ඇති රෝහල් සංඛ්‍යාව ඉහළ දැමීමට කොවිඩ් – 19 කාර්ය සාධන බලකාය තීරණය කර ඇත.

ඒ අනුව අද දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු එම කමිටුවේදී තීරණය කෙරුණේ කොවිඩ් ප්‍රතිකාර සදහා යොදා ගත හැකි දිවයින පුරා පිහිටි රජයේ රෝහල් තෝරා ගෙන ඒවා සෞඛ්‍ය අමාත්‍යංශයට පවරා වැඩි දියුණු කිරීමටය.

දිනකට කොවිඩ් රෝගීන් 500කට අධික ප්‍රමාණයක් වාර්තා වන අතර සුවය ලබා පිටව යන සංඛ්‍යාවද සැලකූ විට ඒ සම්බන්ධයෙන් නව ප්‍රතිකාර මධ්‍යස්ථාන අවශ්‍ය බවට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment