GLO Shop & Café දැන් බත්තරමුල්ලේ

by admindasun
0 comment 124 views

ශ්‍රී ලංකාවේ පළමු වරට සුවිශේෂී රසාත්මක ආහාර අත්දැකීමක් පාරිභෝගිකයාට ලබා දෙමින් පසුගියදා බත්තරමුල්ලේදී GLO Shop & Café විවෘත විය. නැවුම්, සෞඛ්‍ය සම්පන්න සහ ස්වාභාවික ආහාර නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ව්‍යවසායකයින් සහ කුඩා ව්‍යාපාර 70 කට අධික සංඛ්‍යාවකට තම නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට සහ අලෙවි කිරීමට GLO Shop & Cafe අවස්ථාව උදාකර දී ඇත.

කැෆේ එකක් සමග ස්වභාවික සහ කාබනික පළතුරු සහ එළවළු, බිත්තර, වෙනත් මස් වර්ග සහ මුහුදු ආහාර, සිල්ලර බඩු සහ ආහාර නොවන වෙනත් නිෂ්පාදන යන ප්‍රධාන කලාප 5 කින් මෙම අලෙවි සල සමන්විත වේ. වෙනත් මෙවැනි අලෙවිසල්වල දක්නට නොමැති උප කාණ්ඩ 20 කට අධික සංඛ්‍යාවක් යටතේ, නිෂ්පාදන 900 කට වඩා අලෙවි කිරීමට සැළසුම් කර තිබේ.

නැවුම් කාබනික නිෂ්පාදන, gourmet ingredients, ප්‍රමිතියෙන් උසස් මස් වර්ග, මුහුදු ආහාර සහ ශීත කළ ආහාර, දේශීය රසවින්දන‌යන් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වර්ග රැසක් GLO Shop & Cafe හරහා මිලදී ගත හැකිය. ආහාර නොවන කලාපයේ ස්වාභාවික පුද්ගලික සත්කාර සහ ගෘහ අවශ්‍යතා නිෂ්පාදන අලෙවි කෙරෙයි. ක්ෂණික ආහාර වේලක් හෝ රසවත් සංග්‍රහයක් සමඟ නැවුම් කෝපි රස විඳීමටත් මෙය කදිම ස්ථානයකි. කුඩා පරිමාණයේ රැස්වීම්, සාකච්ඡා හෝ හමුවීම් සඳහා යොදා ගතහැකි නිදහස් සහ කලබල නැති ඉඩකඩකින්ද GLO Shop & Café සමන්විත වන අතර නොමිලේ වයි-ෆයි සහ වාහන නැවැත්වීමේ පහසුකම්ද සලසා ඇත.

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ්  පීරිස් ග්ලෝබල් වෙන්චර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් කළමනාරකණය කරනු ලබන GLO Shop & Café අංක 137, පන්නිපිටිය පාර, බත්තරමුල්ල යන ලිපිනයේ පිහිටා ඇත. මෙම අලෙවි සල සතියේ දින 7 තුළ උදේ 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතව පවතී. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ගෙදරටම භාණ්ඩ ගෙන්වා ගැනීමට 0768445544 යන දුරකථන අංකයෙන් තම ඇණවුම ලබාදීමේ හැකියාවද පාරිභෝගිකයන්ට ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment