ඇසට්ලයින් වෙතින් නොමිලේ පෙට්‍රල්

by admindasun
0 comment 62 views

ඇසට්ලයින් ලීසිං නවතම ප්‍රවර්ධන වැඩසටහන වන “වාහන ප්‍රශ්නෙට රෙජිස්ටර්ඩ් උත්තරේ” යටතේ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථවලට ලීසිං ලබාගන්නා ගනුදෙනුකරුවන්ට “පෙට්‍රල් බොනැන්සා” නමින්  විශේෂ  දීමනාවක් ද හඳුන්වා දී ඇත.

ඒ අනුව ලීසිං පහසුකම් ලබාගන්නා සියලු ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා වසරක් පුරා මසකට වරක් Full Tank ඉන්ධන නොමිලේ ලබා දෙනු ඇත. “පෙට්‍රල් බොනැන්සා” ප්‍රවර්ධන වැඩසටහන, ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ ලීසිං පහසුකම් බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන් සඳහා සතුටුදායක ආරංචියක් වනු නොඅනුමානය.

එපමණක් නොව මෙම දීමනාව සමඟ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ ලීසිං පහසුකම් වෙනුවෙන් වෙ‌ළෙඳ පොළේ අවම මාසික වාරිකයක් දැනට ලබා දෙන්නේද ඇසට්ලයින් ලීසිං වෙතිනි.

“වාහන ප්‍රශ්නෙට රෙජිස්ටර්ඩ් උත්තරේ” ප්‍රවර්ධන වැඩසටහන යටතේ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථවලට පමණක් නොව මෝටර් සයිකල්, ස්කූටර්, කාර්, වෑන්, මිනි ට්‍රක් ඇතුළු සියලුම ලියාපදිංචි කළ වාහන සඳහා තරඟකාරී පොළී අනුපාත යටතේ ලීසිං පහසුකම් ලබාදෙනු ඇත.

ලීසිං ඉතිහාසයේ නව්‍යකරණයේ ප්‍රමුඛයා ලෙස 2003 වසරේ පටන් මේ දක්වා වසර 17ක කාලයක් ඇසට්ලයින් ලීසිං කම්පනි ලිමිටඩ්, ලීසිං ක්‍ෂේත්‍රය තුළ විශ්වසනීය සේවයක් පාරිභෝගිකයාට පිරිනැමූ ආයතනයක් මෙන්ම ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මූල්‍ය සමූහයද වේ.

අනෙකුත් ලීසිං සහ මූල්‍ය සමාගම් හා සසඳන විට ඇසට්ලයින් ලීසිං ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ඉතා හොඳින් හඳුනාගෙන ඔවුන්ගේ ලීසිං පහසුකම් ඉතා ආකර්ෂණීය පොලී අනුපාත යටතේ පිරිනමන පාරිභෝගික විශ්වාසවන්තභාවය සුරැකිය හැකි වූත්, ඉක්මනින් සේවය සැපයීමට හැකිවන පරිදි නව තාක්ෂණය හා බැඳුණු මනා දත්ත පද්ධතියකින් යුතු වූත් ප්‍රධාන පෙළේ ලීසිං සමාගමකි.

ලීසිං ගිවිසුමකට එක්වූ පසු පාරිභෝගික පහසුව උපරිම ලෙස සලසා දෙමින් දිවයින පුරා විසිරුණු ශාඛා 52ක්ද මුදල් එකතු කිරීමේ මධ්‍යස්ථානද 67ක්ද, වසරේ ඕනෑම දිනක ඕනෑම වේලාවක මාසික වාරික ගෙවීම සඳහා Easy Pay මුදල් ගෙවීමේ යන්ත්‍රද පිහිටුවා ඇත. ඊට අමතරව වාරික ගෙවීමේදී රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ඔස්සේද, අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීමේ පහසුකමද සමගින් පාරිභෝගිකයාට දවසේ ඕනෑම වේලාවක තම වාරික ගෙවීමේ හැකියාව ඇසට්ලියන් ලීසිං සලසා තිබේ.

ඇසට්ලයින් මූල්‍ය සේවා පිළිබදව වැඩි විස්තර දැන ගැනීමට 0114 700 100න් ඇසට්ලියන් ලීසිං අමතන්න. නැතිනම් www.assetline.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment