KN95 මුඛ ආවරණ මෙරටට ගෙන්වීමේදී සහ අලෙවි කිරීමේදී සිදු වන වංචා නැවැත්වීමේ අරමුණින් එම මුඛ ආවරණ මෙරටට ගෙන්වනු ලබන ආනයනකරුවන්ගේ සංගමය විසින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙම සාකච්ඡාව දෙසැම්බර් මස 17 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව PPE Importers Lanka සංවිධානයේ සභාපති ජානක විතානගේ මහතා පවසයි.
මෙම සාකච්ඡාවට KN95 මුඛ ආවරණ මෙරට අලෙවි කරනු ලබන අලෙවිකරුවන් සහභාගී වීමට නියමත බවත් ඔහු කියා සිටියේය.
මේ වන විට මුඛ ආවරණ මාෆියාවක් ක්‍රියාත්මක වන විවිධ අයුරින් මුඛ ආවරණ මෙරටට ගෙන්වා අලෙවි කිරීමේදී විවිධ ජාවාරම්කරුවන් ජනතාව නොමග යවන ආකාරයෙන් කටයුතු කරන බැවින් KN95 මුඛ ආවරණ නියම ආනයනකරුවන් ලෙස මෙම පියවර තබන බවත් විතානගේ මහතා පැවසුවේය.
PPE Importers Lanka සංගමයට අයත් ආනයනකරුවන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරලත් ආනයන බලපත්‍ර හිමි ආනයනකරුවන්ගෙන් සමන්විත වේ.
මෙය ලංකාව පුරා මුඛ ආවරණ අලෙවි කරනු ලබන නියම විකුණුම්කරුවන්ට නියම ආනයනකරුවන් හමුවී සෘජුවම මිලදී ගැනීම් කටයුතු මෙන්ම වෙනත් අවශ්‍ය සහාය ලබා ගත හැකි කදිම අවස්ථාවක් බවත් විතානගේ මහතා පැවසුවේය.
