මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පිළිගැනීමේ උත්සවයකට පසුගියදා පාසල් දරුවන් නිළ ඇදුමෙන් සහභාගී කරවීම පිළිබදව ලංකා ගුරු සේවා සංගමය දැඩි අප්‍රසාදය පල කරයි.
පසුගියද සෙනසුරාදා මෙම උත්සවය පැවැත්වී ඇති අතර එදින පාසල් නිවාඩු දිනයක් වුවද දරුවන් මෙම පිළිගැනීමට කැදවා ඔවුන්ගේ සහභාගිත්වයෙන් තූර්ය වාදනය සිදු කරමින් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කැදවාගෙන ගොස් ඇත.
මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ මිනීමැරුමක් සම්බන්ධව සිරගතව සිටි මෙම මන්ත්‍රීවරයා නිදහස් කිරීමේ සතුට වෙනුවෙන් මෙම උත්සවය මඩකලපුවේදී පවත්වා ඇති අතර ඔහුව පිළිගැනීමට පාසල් සිසුන් සම්බන්ධ වරවීම බරපතල වරදක් මෙන්ම රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ අයටත්, පාසල් දරුවන්ටත් වැරදි පූර්වාදර්ශයක් වන බවයි.
එසේම මෙරට කොවිඩ් වසංගත තත්ත්වයේ අවදානම වැඩිවී ඇති සමයක ඒ පිළිබද කිසිදු සැළකිල්ලක් නොකර නිරෝධායන නීති ඊතිද උල්ලංඝණය කරමින් පාසල් දරුවන් මෙසේ උත්සවවලට සහභාගී කරවීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද ජයසිංහ මහතා පවසයි.
මේ පිළිබදව ලංකා ගුරු සේවා සංගමය ලිඛිතව තම විරෝධය අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙත දැනුම් දුන් බවත් ඔහු පැවසුවේය.
