මහනුවර මහ නගර සීමාවට අයත් මහයියාව ප්‍රදේශයට දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කර ඇති බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි.
එම ප්‍රදේශයෙන් කොවිඩ් – 19 ආසාධිතයින් 28ක් වාර්තා වීමත් සමග මෙසේ සංචරණ සීමා පැනවූ බව ඔහු කියා සිටියේය.
ඒ අනුව එම ප්‍රදේශයේ කටයුතු යුධ හමුදාව විසින් මෙහෙයවනු ලබන බවත් ඔහු කියා සිටියේය.
වාර්තා වන කොවිඩ් – 19 ආසාධිතයින්ගේ තත්ත්වය ඉහළ යාමත් සමග බෝගම්බර ප්‍රදේශයටද සංචරණ සීමා පනවා එම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළ බවත් ඔහු කියා සිටියේය.
