නිමල් ජී. පුංචිහේවා මහතාගේ සභාපතිත්වයෙන් යුතු අභිනවයෙන් පත් කරන ලද මැතිවරණ කොමිසම හෙට දින වැඩ ආරම්භ කිරීමට නියමිතය.
මෙම පත්වීමට පෙර මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ (නීති) ලෙස පුංචිහේවා මහතා කටයුතු කරන ලදී.
පාර්ලිමේන්තු සභාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිර්දේශ කරන ලද නිමල් පුංචිහේවා මහතාගේ නම අනුමත කරන ලද අතර එම කොමිසමේ අනෙකුත් සාමාජිකයන් වන්නේ එච්. එම්. මොහමඩ්, එස්. බී. දිවාරත්න, කේ. පී. පී. පතිරණ සහ ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන්ය.
