බුරවි සුළි කුණාටුවේ බලපෑමත් සමග ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලි මීටර් 279.8 අක්කරායම්කුලම්වලින් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම චාවකච්චේරි ප්‍රදේශයට මිලි මීටර් 260ක වර්ෂාපතනයක්ද මුලතිවු ප්‍රදේශයට මිලි මීටර් 224ක වර්ෂාපතනයක්ද වාර්තා වී තිබුණි.
බුරවි සුළි කුණාටුව පිළිබදව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ ඊයේ රාත්‍රි මෙරටට ඇතුළු වුණු එම සුළි කුණාටුව අද දහවල් වන විට මන්නාරම ප්‍රදේශයෙන් ලංකාවෙන් පිටව යන අතර අතර ඉදිරි පැය කිහිපය තුළ එහි බලපෑම ක්‍රම ක්‍රමයෙන් අඩුවන බවයි.
තවද උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවල මිලි මීටර් 150ට වඩා වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සදහන් විය.
කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළද තවදුරටත් ධීවර හා නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කර සිටියේය.
