දින 180 (මාස 06) සම්පූර්ණ කළ සියලු ආදේශක සේවක සේවිකාවන් ස්ථීර කරන ලෙසටත්, කප්පාදු කළ ප්‍රවාහන පහසුකම් නැවත ලබාදෙන ලෙසටත් ඉල්ලමින් ඒකාබද්ධ සෞඛ්‍යය සේවක සංගමය විසින් අද මධ්‍යම රජයට අයත් රෝහල් 07ක් ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.
කෑගල්ල මහ රෝහල, කළුතර නාගොඩ මහ රෝහල, කුලියාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල, කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල) සහ නුවරඑළිය මහ රෝහල යන රෝහල් ඉදිරිපිට මෙම උද්ඝෝෂණ පවත්වන ලදී.
ආදේශක සෞඛ්‍ය කාර්යය සහයක සේවකයින් දින 180 සම්පූර්ණ කර මා 09 ක පමණ කාලයක් ගතව තිබුණද ඔවුන්ව ස්ථීර කිරීමට කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් ගෙන නොතිබීම නිසා මෙම උද්ඝෝෂණ පවත්වන ලදී.

