දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදහස්

by admindasun
0 comment 30 views

2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම අරමුදලේ මුදල් අයථා ලෙස භාවිත කළ බවට අධිචෝදනා පහක් යටතේ නඩු පවරා සිටි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ තවත් හතර දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් අද දින නිදොස් කොට නිදහස් කරන ලදී.

මෙහිදී අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ අනෙකුත් පිරිස වූයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන්ය.

මෙම තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment