බුරවි ලංකාවට ඇතුළු වෙයි

by admindasun
0 comment 89 views

බුරවි සුළි කුණාටුව මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මෙම සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇත්තේ මුලතිවු සහ ත්‍රිකුණාමලය ප්‍රදේශ ප්‍රධාන කර ගත් නැහෙනහිර වෙරළ තීරයෙනි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ මෙම සුළි කුණාටුවේ වේගය පැයට කිලෝ මීටර් 80-90ක පමණ වන අතර විටින් විට කිලෝ මීටර් 100 දක්වා එම වේගය ඉහළ යා හැකි බවයි.

මෙම සුළි කුණාටුව ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට උදෑසන වන විට ගමන් කරනු ඇති බවට කාලගුණ අනාවැකියේ සදහන් වේ.

මෙවැනි සුළි කුණාටුවක් ශ්‍රී ලංකාවට බලපාන්නේ අවුරුදු 20කට පසුව වන අතර කෙසේ වෙතත් මෙනිසා මුහුදු ජලය ගොඩට පැමිණෙන සුනාමි තත්ත්වයක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment