මහර බන්ධනාගාරයේ රැදවියෙකු මරුට, 03කට තුවාල

by admindasun
0 comment 49 views

මහර බන්ධනාගාරයේ අද සවස ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් මැඩපැවැත්වීමට සිදු කරන ලද වෙඩි තැබීමකින් එක් රැදවියෙකු මියගොස් තවත් තුන් දෙනෙකුට තුවාල සිදු වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පවසයි.

මේ නිසා බන්ධනාගාර නිළධාරීන්ට තත්ත්වය පාලනය කිරීමට සහාය වීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මහර බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීමට කැලණිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සහ රාගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් 05ක් යෙදවා ඇති බවයි.

එසේම මෙම නොසන්සුන්කාරී තත්ත්වය පිළිබදව විශේෂ විමර්ෂණයක් සිදු කිරීමට නියමිත බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment