අදත් කොවිඩ් මරණ 04ක්, රෝගීන් 391ක්

by admindasun
0 comment 43 views

අද දිනයේදීද කොවිඩ් – 19 හේතුකොටගෙන සිදුවුණු මරණ 04ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේය.

ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 15, කොළඹ 08, කොළඹ 12 සහ කොළඹ 10 ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 70 සහ 84 කාන්තාවන් දෙදෙනෙකු සහ අවුරු 53 සහ අවුරුදු 75ක් වයසැති පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.

මේ සමග මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළ ගොස් ඇත.

තවද අද දිනයේදී මෙරටින් වාර්තා වුණු මුළු කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 391ක් පමණ වන අතර ඒ සමග මෙරට කොවිඩ් ආසාධිතයින්ගේ මුළු සංඛ්‍යාව 20,171ක් දක්වා ඉහළ ගියේය.

ඉන් 14,069ක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6019ක් පමණ වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment