තෙවන පාසල් වාරය සදහා පාසල් ආරම්භ කිරීම පිළිබදව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ තෙවන වාරය සදහා පාසල් ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 23 (සදුදා) දින වුවත් ඒ පිළිබදව මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බවයි.
කෙසේ වෙතත් සෞඛ්‍ය අංශවලින් ලබා දෙන උපදෙස් අනුව ඒ පිළිබදව තීරණය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
