මෙරට 75 වන අයවැය වාර්තාව අද දින අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසුවේ අද ප. ව. 1.40ට පමණ අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
මෙම අයවැය 2021 වර්ෂයට අදාළව ඉදිරිපත් කරනු ලබන අතර මේ සම්බන්ධයෙන්වූ විසර්ජන කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 06 වන දින මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව අද දින අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 18 වන දින සිට 21 වන දක්වා පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
