පසුගිය දින කිහිපය තුළ දිනකදී වාර්තා වුණු කොවිඩ් රෝගීන් ගණන එකවර ඉහළ දමමින් අද දිනයේදී වාර්තා වුණු මුළු කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 704ක් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
අද දිනයේදී මීට ටික වේලාවකට පෙර තවත් කොවිඩ් ආසාධිතයින් 160 දෙනෙකු වාර්තා වීමත් සමග දිනයේ වාර්තා වුණු මුළු කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 704 දක්වා ඉහළ ගියේය.
ඒ අනුව මෙරටින් මේ වන තෙක් වාර්තා වුණු මුළු කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 17,287ක් වන අතර සුවය ලැබ නිවෙස් බලා පිටව ගිය සංඛ්‍යාව 11, 495ක් පමණ වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මෙම සියලු රෝගීන් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරුවල ආශ්‍රිතයින් බවත් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
