කොවිඩ්වලින් අදත් 05ක් මරුට

by admindasun
0 comment 33 views

කොවිඩ් – 19 ආසාධනය වීම හේතුවෙන් අද දිනයේදී මෙරටින් මරණ 05ක් වාර්තා වුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

ඒ අනුව මෙම මරණ කොළඹ 13 (අවු 54ක පිරිමි), කොළඹ 15 (අවු 39ක පිරිමි), කොළඹ 12 (අවු 88ක පිරිමි), කොළඹ 8 (අවු 79ක පිරිමි) සහ කොළඹ 13 (අවු 88ක පිරිමි) යන ප්‍රදේශවලින් වාර්තා වුණු බව ඔහු පැවසුවේය.

මේ අනුව මෙරටින් වාර්තා වුණු සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගොස් ඇති බවත් වෛද්‍ය ගුණවර්ධන පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment