මග මැරුණැයි බොරු පැතිරූ අයෙක් දැළේ

by admindasun
0 comment 77 views

කොවිඩ් – 19 ආසාධනය වීම හේතුවෙන් මහ පාරේ මැරී සිටි බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොරු ප්‍රචාර පැතිරවීමට කටයුතු කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ෂණවලට අනුව මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකි.

පසුගියදා මහා මාර්ගයේ බස් නැවතුම් ස්ථානයක මියගොස් සිටි පුද්ගලයෙකු පසුව කොවිඩ් – 19 ආසාධිත බවට තහවුරු වූ අතර එම පුද්ගලයා යාචකයෙකු ලෙස හදුනාගෙන තිබුණි.

එහෙත් එම සිද්ධිය මුල් කර ගනිමින් කොවිඩ් – 19 වැළදීමේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ මිනිසුන් මහ මග මියයන බවට විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය පුවත් ව්‍යාප්ත වන අතර එවැනි පුවත් පතුරවන්නන්ට නීත්‍යානුකූලව කටයුතු කරන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පසුගියදා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment