DPMC සහතික කළ ත්‍රීවීලර් රියසක්වලෙන්

by admindasun
0 comment 230 views

මේ වන විට පවතින අනායන සීමා සමග අලුත් වාහනවල හිඟයක් පවතින බැවින් හොද තත්ත්වයේ ඇති පාවිච්චි කරන ලද ලියාපදිංචි වාහනයක් මිලදී ගැනීම හැම දෙනාගේම බලාපොරොත්තුව වී ඇත. ලියාපදිංචි වාහන මිලදී ගැනීමේ පාරිභෝගික අවශ්‍යතාව සපුරාලීමට මෙන්ම තම වාහන විකිණීමට හෝ හුවමාරු කිරීමට හරිම තැන ලෙස ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් රියසක්වල ස්ථාපිත කර ඇත. ඕනෑම සන්නාමයක මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ, කාර්, වෑන් හෝ වෙනත් වාහන සමගින් රියසක්වල මෙරට පාරිභෝගිකයන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට සැදී පැහැදී සිටී.

පොදු ජනතාවට හොදම ප්‍රවාහන විසදුම් ලබා දීමේ නවතම වැඩසටහන ලෙස රියසක්වල විසින් පසුගියදා ‘DPMC සහතික කළ ත්‍රිරෝද රථ’ (DPMC Certified Three Wheelers) මෙරට වෙළෙද පොළට හදුන්වා දෙන ලදී. දශක තුනකට වැඩි කාලයක් බජාජ් නිෂ්පාදන මෙරට බෙදාහැරීමේ එකම නියෝජිතයා ලෙස ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි විශේෂඥ කාර්මික ශිල්පීන්ගේ අධීක්ෂණයෙන් සහ තක්සේරුවෙන් පසු DPMC සහතික කළ ත්‍රිරෝද රථ රියසක්වල විසින් අලෙවිය සදහා නිකුත් කරනු ලැබේ.

මේ පිළිබදව අදහස් දක්වමින් රියසක්වල කළමනාකරණ සමාගම වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්හි සාමාන්‍යාධිකාරී නලින්ද කුරුකුලසූරිය මහතා පැවසුවේ රියසක්වල වෙතින් DPMC සහතික කළ ත්‍රිරෝද රථයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයාට හේතු කිහිපයක් වැදගත් වන බවයි.

මෙරට ලියාපදිංචි ත්‍රිරෝද රථ මිලදී ගැනීමට කොතෙකුත් තැන් පැවතියද තම අතේ ඇති මුදල් බියෙන් තොරව සැකයක් නොමැතිව වියදම් කර වාහනයක් මිලදී ගැනීම පිළිබදව තවමත් පාරිභෝගිකයන් තුළ පැකිලීමක් ඇත්තේ එම ස්ථාන පිළිබදව විශ්වාසයක් නොමැති බව ඔහු පවසයි.  පාරිභෝගිකයා තුළ ඇති එම සැකය දුරු කිරීමට රියසක්වල සමත් වී ඇති බවත් ඔහු පැහැදිලි කළේය.

“වාහනය කෙසේ හෝ විකුණා දැමීමේ පරමාර්ථය උඩ අපි කිසි විටෙකත්  වාහනවල තත්ත්වය උසස් කර පෙන්වීම සදහා තාවකාලික පැලැස්තර යොදන්නේ නෑ. වාහන සැලකිය යුතු කාලයකට ඔරොත්තු දෙන අයුරින් තමයි අප අලුත්වැඩියා කරනවනම් කරන්නේ. අපි ලියාපදිංචි වාහනවලට කරන අලුත්වැඩියාවන් විනිවිදභාවයෙන් යුතුව සිදු කරනවා. අවසානයේ වාහනයේ තත්ත්වය බැලූ කල, මේ වන තෙක් අපි ලබාදී ඇති සේවාව සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ විශ්වාසය අපි දිනාගෙන තිබෙනවා,” යැයි කුරුකුලසූරිය මහතා කියා සිටියේය.

විනිවිදභාවයකින් යුතුව වෙළෙද පොළේ ඇති සම්මතයන් හා ප්‍රමිතීන් සලකා බලමින් සැබෑ තක්සේරු වටිනාකමන් රියසක්වල වෙතින් එහි ඇති වාහනවලට ලබා දී ඇති අතර වාහන මිලදී ගන්නා හෝ විකුණන පාරිභෝගික සියල්ලන්ට සාධාරණයක් ඉටුවන පරිදි එම කටයුතු සිදු කරනු ලැබේ.

හැම විටම රියසක්වල බලාපොරොත්තුව වන්නේ උපරිම සේවයක් තුළින් පාරිභෝගිකයා සතුටු කිරීමයි. පාරිභෝගිකයාගේ අවශ්‍යතාව හදුනාගෙන අතේ ඇති මුදලට සරිලන වාහනය ලබා දීමට රියසක්වල කාර්ය මණ්ඩලය කැපවී සිටී.

මෙහිදී පාරිභෝගිකයින්ට ඇති තවත් පහසුවක් වන්නේ රියසක්වල වෙතින් ලියාපදිංචි ත්‍රිරෝද රථයක්, මෝටර් සයිකලයක් හෝ වෙනත් වාහනයක් මිලදී ගන්නේ නම්, අවශ්‍ය ලීසිං පහසුකම් මෙන්ම රක්ෂණ ආවරණද එකම වහලක් යටතේදී ලබා ගැනීමට හැකි වීමයි. ඒ අනුව පාරිභෝගකයන්ගේ පහසුව තව දුරටත් තහවුරු කරමින් ඇසට්ලයින් ලීසිං සමාගමේ මෙන්ම ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගමේ මධ්‍යස්ථානද රියසක්වල පරිශ්‍ර තුළ ස්ථාපිත කර ඇත. ලිපාදිංචි වාහනවලට ලබා දෙන ආකර්ෂණීයම ලීසිං පැකේජ ඇසට්ලයින් ලීසිං වෙතින් ලබා දෙන අතර වාහනයට අවශ්‍ය රක්ෂණය පාරිභෝගිකයාගේ කැමැත්ත පරිදි මෙරට ඕනෑම රක්ෂණ සමාගමක් වෙතින් ලබා දීමට ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් කටයුතු කරයි.

රියසක්වල ප්‍රධාන ශාඛාව අංක 137, පන්නිපිටිය පාර, බත්තරමුල්ල ලිපිනයේ පිහිටා ඇති අතර දිවයින පුරා ශාඛා 08ක්ද ස්ථාපිත කර ඇත. තවද දිවයින පුරා පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්හි සියලුම ප්‍රදර්ශනාගාරවලදීද රියසක්වල සේවා ලබා ගත හැකිය.

රියසක්වල වෙතින් ලියාපදිංචි DPMC සහතික කළ හෝ නොකළ ත්‍රිරෝද රථයක්, ලියාපදිංචි කළ මෝටර් සයිකලයක් හෝ වෙනත් වාහනයක් මිලදී ගැනීමට හෝ මේ පිළිබද වැඩි විස්තර  0114700600 දුරකථන අංකයෙන් ලබා ගැනීමේ හැකියාවද ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment