අද 05ත් සමග මුළු කොවිඩ් මරණ 53යි

by admindasun
0 comment 51 views

කොවිඩ් – 19 හේතුවෙන් මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහළ නංවමින් අද දිනයේ තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

ඒ අනුව කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවක්ද, හලාවත පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද, රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇත.

මින් හතර දෙනෙකුම නිවසේදී මියගොස් ඇති අතර එක් පුද්ගලයෙකු හලාවත මූලික රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර එවීමේදී මියගොස් ඇති බව වෛද්‍ය ගුණවර්ධන පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment