‘වැලිමඩ සානුවේ‘ වගාවට පොහොර නෑ

by admindasun
0 comment 30 views

ඊසානදිග මෝසම් සමය ඇරඹී සති 3 කට වැඩි කලක් ගතවී ඇති නමුත්, රසායනික පොහොර නොමැතිකමින් වැලිමඩ සානුවේ වගා කටයුතු ඇරඹිමට නොහැකිව ගොවීන් අන්ත අසරණ වී ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ පොහොර අවශ්‍යතාවෙන් තවමත් ගොවීන්ගේ අතට ලැබී ඇත්තේ 27% ක් පමණි. එළවළු පොහොර හිඟය නිසා අර්තාපල්, බෝංචි, ගෝවා ඇතුළු සියලු එළවළු ගොවීන් අන්ත අසරණභාවයට පත්ව ඇත.

බදුල්ල දිස්ත්‍රිකයේ පමණක් නොව වලපනේ, හඟුරන්කෙත දක්වාම එළවලු වගාවට අවශ්‍ය පොහොර වෙළෙදපොළේ නැත. ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට පොහොර නොලැබෙන අතර කඳුකරයේ ගොවිතැනට සාමාන්‍යයෙන් සහන මිලට පොහොර ලැබෙන්නේ අවශ්‍යතාවයෙන් 10% ට කටත් අඩු ප්‍රමාණයකි.

සාමාන්‍යයෙන් හපුතලේ සිට වැලිමඩ, ඌවපරණගම, හාළිඇළ දක්වා පැතිරුණු වැලිමඩ නිම්නයේ වෙනදා මේ වන විට එළවළු වගාව මේ වන විට ආරම්භ කර තිබුණද මේ වසරේ මේ වන විට ගොවියන්ට සිදුවී ඇත්තේ බිම් සකස් කරගෙන බලා සිටීමටය.

එසේම මෙම පොහොර හිඟය එළවළු වගාවට පමණක් නොව තේ වගාවටද ඒ අයුරින් බලපා ඇත. ජූලි සිට ඔක්තෝබර් දක්වා සෑම මාසයකට පසුගිය වසරට සාපේක්ෂව තේ අස්වැන්න අඩු වී ඇති අතර තේ වගාවට ඉතා හොඳ කාලගුණයක්, වැස්ස තිබුණත් දළු නිෂ්පාදනය අඩු වී ඇත්තේ පොහොර නොමැති වීම නිසාවෙනි.

වතු සමාගම් කෙසේ හෝ පොහොර සොයා ගත්තද මෙමගින් වැඩිපුර අසරණභාවයට පත්ව ඇත්තේ කුඩා තේවතු හිමියන්ය.

හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන්

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment