අද දිනයේදී කොවිඩ් – 19 ආසාධනය වීම හේතුවෙන් මරණ 04ක් මාලිගාවත්ත, වැල්ලම්පිටිය සහ ගණේමුල්ල යන ප්‍රදේශවලින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේය.
මෙම මරණ අතුරින් 03 දෙනෙකු කාන්තාවන් වේ.
ඒ අනුව කොළඹ 10 මාලිගාවත්තේ පදිංචි 42 හැවිරිදි සහ 69 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර මින් පළමු කාන්තාව හෘද රෝගයකින් පෙළී ඇති අතර ඒ සමග කොවිඩ් ආසාධනය වීම නිසා නිවසේදීම මියගොස් ඇත.
අනිත් කාන්තාව දීර්ඝ කාලීනව රෝගාබාධ රැසකින් පෙළී ඇති අතර එම රෝග තත්ත්වය උත්සන්න වීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 වෛරසය අසාධනය වීම සමග නියුමෝනියා තත්ත්වය උත්සන්න වීමයි.
වැල්ලම්පිටියේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක්ද මියගොස් ඇති අතර දීර්ඝ කාලීනව රෝගාබාධ රැසකින් පෙළී ඇති අතර උණ රෝගයෙන් පෙළීමෙන් අනතුරුව නිවසේදී මියගොස් ඇත. එම කාන්තාවගේද මරණයට ආසන්නතම හේතුව කොවිඩ් – 19 හේතුවෙන් ඇතිවූ නියුමෝනියාව තත්ත්වයයි.
අද දින මරණයට පත්වුණු ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාව අවුරුදු 88ක පමණ වයස වන අතර මිනුවන්ගොඩ ආසාධිතයෙකුගේ සමීපතමයෙකි. නිරෝධායනය අතරතුර කොවිඩ් ආසාධිතයෙකු ලෙස හදුනා ගැනීමෙන් පසු ලග්ගල පල්ලේගම රෝහලට ඇතුළත් කර සිටියදී රෝගය උත්සන්න වී අංගොඩ ජාතික උණ රෝහලට මාරු කර යවා ඇත.
එහිදී කොවිඩ් – 19 හේතුවෙන් ඇතිවූ නියුමෝනියාව තත්ත්වය නිසා මියගොස් ඇති බවත් වෛද්‍ය ගුණවර්ධන මහතා පවසයි.
තව දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ සමග කොවිඩ් – 19 ආසාධනය වීමෙන් මෙරට මියගිය සංඛ්‍යාව 34ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි.
