සදුදා බස්නාහිර අරින‍වා

by admindasun
0 comment 152 views

එළඹෙන සදුදා (නොවැම්බර් 09 වන දින) සිට මේ වන විට නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාත විවෘත කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති කොවිඩ් – 19 වැළැක්වීමේ සෞඛ්‍ය උපමානවලින් දැඩිව අනුගත වෙමින් මෙසේ පළාත යළි විවෘත කෙරෙන බවත් ඔහු කියා සිටියේය.

බස්නාහිර පළාතම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇදිරි නීතිය ඔක්තෝබර් 29 වන දින මධ්‍යම රාත්‍රියේ නොවැම්බර් 02 වන සදුදා උදේ 05 දක්වා ක්‍රියාත්මක කළ අතර ඒ වන විට පැවැති කොවිඩ් – 19 වසංගත තත්ත්වය යටතේ එය යළි දීර්ඝ කරන ලදී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා පැවසුවේ සදුදා සිට නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කළද තෝරාගත් ප්‍රදේශ කිහිපයක් තව දුරටත් වසා තැබෙන බවයි.

දැනට කොවිඩ් – 19 වසංගත තත්ත්වය පැතිරීම සම්බන්ධයෙන් අවදානම් කලාප මෙසේ වසා තබන බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment