කොවිඩ් රෝගීන් 765ක් සුවය ලබා පිටව යයි

by admindasun
0 comment 40 views

කොවිඩ් – 19 ආසාධනය වීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 765 දෙනෙකු සුවය ලබා අද දින පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

දිනකදී සුවය ලබා පිටව ගිය වැඩිම රෝගීන්ගේ සංඛ්‍යාව මෙය වන බවත් සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාධිතයින්ගේ මුළු සංඛ්‍යාව 6,623ක් පමණ වන බවද වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් – 19 ආසාධිතයින්ගේ සංඛ්‍යාව 12,187ක් වන අතර දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5540 කි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment