ශ්‍රී ලංකාවේ පළමු LNG (ද්‍රවීකෘත ස්වාභාවික වායු – Liquified Natural Gas) විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිවී ඇ.ත.
ලංකා විදුලිබල මණ්ඩලයට වැඩි කොටස් අයිතිය හිමි ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් (LTL) සමාගමට ඔවුන් සතු ලක්දනවි බලාගාර පරිශ්‍රයේ අදාල ඉදිකිරීම් කටයුතු සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් නිපදවිය හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG විදුලිබලාගාරයේ ඉදිකිරීම් කටයුතු කෙරවලපිටිය ලක්දනවි විදුලිබලාගාර පරිශ්‍රයේ ආරම්භ කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මේ වනවිට ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල උත්පාදනයෙන් 35%ක් පමණ සැපයෙන්නේ ඩීසල් බලාගාරවලින් වන අතර එයින් නිපදවන ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 30/=ක් තරම් අධික වන අතර LNG විදුලිබලාගාර මඟින් එය රුපියල් 15/=ක් දක්වා අඩුකර ගතහැකි බව පැවසේ.
වසර 2025 වන විට ජාතික විදුලිබල පද්ධතියේ ඩීසල් ජනන දායකක්වය 5%ක් දක්වා අඩු කරගනිමින් විදුලි පාරිභෝගිකයන්ට අඩු මිළ සේවාවක් සපයමින් ජාතික ආර්ථිකයට ශක්තියක් සැපයීම තම අමාත්‍යාංශයේ ඉලක්කය බවද විදුලිබල අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
